IMF නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් (Julie Kozack) පවසනවා.
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන ඒකාබද්ධව සම්පූර්ණ කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
එහිදී මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

