Airbus ගනුදෙනුවේ අල්ලස් මුදල් මහින්ද ට දීලා – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

Airbus ගනුදෙනුවේ අල්ලස් මුදල් මහින්ද ට දීලා – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

Airbus ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට ද යොමු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළා.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී ඔහුට ලබා දුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.

අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

COMMENTS