ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.
සිදුවූ අලාභ හානිය පිළිබඳව සමාගම මේ වන විට ගණන් බලමින් සිටින අතර, සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රධානතම වගකීම බව ඔවුන් පවසා තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇති වූ බාධා මධ්‍යයේ, තම නිෂ්පාදන ධාරිතාවයෙන් 19% ක් පමණ දැනටමත් නතර කර ඇති බව සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.
ඉරාන විප්ලවීය හමුදාව පවසා ඇත්තේ ඉරානයේ වානේ කර්මාන්තශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇලුමිනියම් කර්මාන්තශාලා ඉලක්ක කළ බවයි.

