අවුරුද්දට ගමට යන ජනතාවගේ පහසුවට ලංගම, පෞද්ගලික සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

අවුරුද්දට ගමට යන ජනතාවගේ පහසුවට ලංගම, පෞද්ගලික සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම, පෞද්ගලික අධිවේගී මාර්ගයේ මෙන්ම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර බොහෝ නගර අද වන විට ජනතාවගෙන් පිරී ගොස් ඇති ආකාරය ද දැකගැනීමට හැකිවුණා.

අද උදෑසන වන විට දෙලක්ෂ තිස් දහසකට අධික පිරිසක් ප්‍රවාහන සේවා භාවිත කරමින් ගම්බිම් බලා ගොස් ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ලබන 16 සහ 20 දිනවලදී ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

මාකුඹුර අධිවේගී බස් රථ යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට ද බොහෝ පිරිසක් අද දිනයේ පැමිණ සිටියා.

අධිවේගී මාර්ගයේ ප්‍රමාණවත් තරම් බස් යොදවා ඇති බවයි ජනතාව පවසන්නේ.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ජනතාවගෙන් බොහෝ නගර පිරි පවතිනවා.

මහරගම පමුණුව ප්‍රදේශය ද මෙම දින කිහිපයේම ජනතාවගෙන් පිරී පැවතුනා.

COMMENTS