විෂ දුම් වාහන හඳුනාගන්න නව ක්‍රමයක්

පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙනඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කළේ, මාර්ගයේ ධාවනයෙවන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දුමාරය පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වය වන බවයි.
දිවයිනේ ප්‍රධාන නගර ආවරණය කරමින් මෙම ඒකකයේ නිලධාරීන් මාර්ගයේ රැඳී සිටිමින් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කර එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වාහන වායු විමෝචන භාරකාර අරමුදල පැවසුවේ, එලෙස නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වන බවයි.
යම් හෙයකින් මෙම නිවේදනයට ප්‍රතිචාර නොදක්වන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කිරීමටද නියමිතව තිබේ.

