නායයාමේ රතු නිවේදන

නායයාමේ රතු නිවේදන

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රතනපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම, රත්නපුර යන ප්‍රදේශ සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, පාලින්දනුවර යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල යන ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ එනම් අවදානයෙන් සිටින ලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම හා දිවුලපිටිය ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත හා මතුගම ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රදේශයටත් පළමු මට්ටමේ එනම් විමසිලිමත් සිටින ලෙස වූ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

COMMENTS