කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තරකෙරේ

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තරකෙරේ

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහල් ගතකිරීමත් සමග ජාතික රෝහල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇතැයි, පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් පැවසුවේ ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා ඇති බවයි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිසිය සඳහන් කළේ, වෛද්‍ය උපදෙස් මත ඔහු ඊයේ (07) රාත්‍රියේ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි.

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පසුගිය පෙබරවාරී මස 25 වැනිදා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිටයි.

රැඳවුම් නියෝග මත, සුරේෂ් සලේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටී.

මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මාරාන්තික උපවාසක් ආරම්භ කර ඇතැයි, ඔහුගේ ඥාතීන් ඊයේ ප්‍රකාශ කළේ ය.

ඔවුන් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් කරන්නැයි, ඉල්ලමින් සුරේෂ් සලේ එම උපවාසය සිදුකරන බවයි.

COMMENTS