රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් අයට වැඩ වරදී

රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් අයට වැඩ වරදී

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් මොටර් රථයක් හා එහි රියදුරු වෛද්‍ය සිසුන් විසින් සිය බාරයට ගෙන රාගම පොලිසියට බාර දෙනු ලැබ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් සොයා පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන අතර ඊට අදාළ පුද්ගල සාක්ෂි,විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි ඔස්සේද පරීක්ෂණ කරනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සබැදී පුවත :-https://bit.ly/3GmAgWX