සිය උපන්දිනය දා කීර්ති පැස්කුවෙල් ගෙන් උතුම් සත්ක්‍රියාවක්

ගායන ශිල්පියෙකු ලෙස කවුරුත් දැන අඳුනන කීර්ති පැස්කුවෙල්, සුබසාධන කටයුතු වලටත් ප්‍රසිද්ධියක් උසුලනවා.
විශේෂයෙන්ම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දූ දරුවන් වෙනුවෙන් ඔහු සිදුකරන උතුම් සත්ක්‍රියාවන් ගැන අපිට නිරන්තරයෙන් අහන්න, දකින්න ලැබෙනවා.
එවන්ම වූ සත්කාරයකට ඔහු පසුගිය දිනෙක මුල පුරා තිබුණා.
සිය ජන්ම දිනය වෙනුවෙන් වයලීන 1000ක් බෙදා දීමට කටයුතු කරන කීර්ති පැස්කුවෙල්, මුහුණු පොත හරහා එම අවස්ථාව සජීවීව විකාශය කර තිබුණා.
එම සුවිශේෂි අවස්ථාවට රවින්ද්‍ර රන්දෙණිය, නන්දා මාලනී, දිනේෂ් සුබසිංහ ඇතුළු කලා ක්ෂෙත්‍රයේ බොහෝ පිරිසක් ද එක් ව සිටියා.























