යටත්වූ රුසියානු සෙබළාට යුක්රේන වැසියන් දැක්වූ ආදරය (වීඩියෝ)

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
යුක්රේන වැසියන්ට යටත්වූ මෙම සොල්දාදුවාට ආහාර පාන ලබාදීමෙන් අනතුරුව ඔහුගේ මවට වීඩියෝ ඇමතුමක් ලබා ගැනිමේ අවස්ථාවද උදාකර දී ඇති බවයි එහි දැක්වුණේ.


