අද වැස්සේ වැඩි වීමක්

අද වැස්සේ වැඩි වීමක්

අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ ගිගුරුම් සහිත වැසි වල වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.

මධ්‍යම, බස්නාහිර, දකුණු, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම, බස්නාහිර, දකුණු , සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.