ගෑස් මිලත් ඉහළට ?

කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
මේ අතර ලිට්රෝ සමාගම විසින් ඊයේ 12) දිනය තුළ ප්රදේශ කිහිපයකට ගෑස් නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඇතැම් ප්රදේශවල ගෑස් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට ඊයේ සිදුවූයේ දිගු පෝලිම්වල රැඳී සිටීමටය.
ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදුකිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්රමාණවත් තරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරුණි.
ලිට්රෝ සමාගම පැවසුවේ පෙරේදා සහ ඊයේ දිනයේ ලක්ෂ 2ක පමණ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බවය.

