ප්රියන්ත කුමාර ඝාතනයේ සැක කරුවන් 89 දෙනෙකුට අධි චෝදනා

පාකිස්ථානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්රී ලාංකික කම්හල් කළමනාකරු ප්රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 89 දෙනෙකුට ලාහෝරයේ ත්රස්ත මර්දන අධිකරණය මගින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.
පාකිස්ථානයේ දැඩි මතධාරී ඉස්ලාමීය පක්ෂයක් වන ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන් සංවිධානයේ ආධාරකරුවන් ඇතුලු 800 කට අධික පිරිසක් මෙලෙස ප්රියන්ත කුමාර පසුගිය වසරේ දෙසැම්බර් 3 වනදා ඝාතනය කර සිරුර පුළුස්සා දැමූයේ ඉස්ලාම් දහමට අපහසා කළ බවට චෝදනා කරමින්.
ලාහෝර් නුවර ත්රස්ත මර්දන අධිකරණයේ විනිසුරු නටාෂා නාසිම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට අධිචෝදනා ගොනුකළේ කොල් – ලක්පාට් නුවර ඊයේ (12) පැවති නඩු විභාගයේදියි.

