ශ්රී ලංකා පළමු ඉනිම 109ට සිමා වෙයි

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 109ක් රැස් කළා.
ඒ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252කට පිළිතුරු වශයෙන්.
ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 143ක වාසියක් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 05ක් රැස්කරගෙන සිටිනවා.
බැංගලෝර් හිදී දිවා රාත්රී තරගයක් ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ.

