රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ?

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ?

පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවට යි.

නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අදාළ වෙඩි තැබීම හේතුවෙන් හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු ද මිය ගියා.