භූමිතෙල් පෝලිමක තවත් මරණයක්

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ.
කළුතර උතුර පොලීසිය පැවසුවේ අද (28) පස්වරුවේ මෙම මරණය සිදුවූ බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණු, හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සාදික් නමැති 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
භූමිතෙල් ලබා ගැනීම සදහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැදී සිටි ඔහු අද පස්වරු 2.00ට පමණ ඇද වැටී ඇත.
ඉන් පසුව සුවසැරිය ගිලන් රථයෙන් කළුතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි.

