රඹුක්කන සිද්ධිය – කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දෙයි

රඹුක්කන සිද්ධිය – කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දෙයි

රඹුක්කන විරෝධතාවක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දී තිබෙනවා.

අදාළ නියෝගයට අනුව වහාම කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බ වයි පොලිසිය කියා සිටියේ.

පසුගිය 19 වනදා රඹුක්කනදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.