ලිට්‍රෝ සමාගම හදිසියේ ගත් තීරණය

ලිට්‍රෝ සමාගම හදිසියේ ගත් තීරණය

වෙළෙදපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බවයි.

මේ වන විට පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මාස දෙකක පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.