නවසීලන්තයෙන් ණයට කිරි

නවසීලන්තයෙන් කිරි සහ සත්ත්ව නිෂ්පාදන සහන ණය යටතේ මෙරටට ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟත්වය පළකළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය දිනේෂ්ගුණවර්ධන මහතා පවසයි.
තමා සමඟ පැවති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා එකඟ වූ බව ඇමතිවරයා සඳහන් කළේය. දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නව ආර්ථික හා සංවර්ධන සංකල්පයන් වෙත යොමුවීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.

