බිලියන 28ක් වටිනා බැඳුම්කර වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 3කින් සහ පහකින් කල් පිරෙන රුපියල් බිලියන 28ක් වටිනා බැඳුම්කර ඊයේ පැවති වෙන්දේසියේ දී අලෙවි කර තිබෙනවා.
එහි දී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු වසර 3කින් කල් පිරෙන රුපියල් බිලියන විස්සක බැඳුම්කරවලින් බිලියන 13.1ක් අලෙවි වී ඇත්තේ සියයට 22ක පොලි අනුපාතිකයකටයි.
එමෙන්ම වසර පහකින් කල් පිරෙන රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම්කර සියයට 22.16ක පොලී අනුපාතිකයක් යටතේ අලෙවි කිරීමට හැකි වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

