“මයිනාගෝගමට” පොලීසියෙන් කඩා පනී

“මයිනාගෝගමට” පොලීසියෙන් කඩා පනී

කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ අද උදෑසන උණුසුම්
තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට අද කොල්ලුපිටිය පොලිසිය උත්සාහ කිරීමත් සමඟයි.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට මීට දින දෙකකට පෙර පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී එම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැයි කොල්ලුපිටිය පොලීසිය දැනුවත් නොමැති බවට ප්‍රකාශ කර තිබුණා.

එසේ අයිතිකරුවන් සම්බන්ධයෙන් දැනුමක් නොමැති බස්රථ මේ මොහොතේ ඉවත් කරගන්නේ කෙලෙසදැයි ඔවුන් පොලිසියෙන් ප්‍රශ්න කර තිබෙනවා.

බස්රථ ඉවත් කිරීමට පොලිසිය පැමිණීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදු ව තිබුණා. මෙහි දී සිදු කළ පහර දීමක් හේතුවෙන් අරගලයේ නියුතු එක් තරුණයකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.