රුධිර බහාලුම් බෑග් හිඟය විසඳෙයි

රුධිර බහාලුම් බෑග් හිඟය විසඳෙයි

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ හිඟව පැවැති රුධිර බහාලන බෑග් තොගයක් මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට සතියකට බෑග් 8000 ක් පමණ අවශ්‍ය බවයි.

පෙරේදා දිනයේ හිඟව පැවැති රුධිර බහාලුම් බෑග් තොගයක් ලැබුණු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

එම තොගය මෙරටට ලැබී ඇත්තේ, විදේශ පරිත්‍යාගයක් ලෙසයි.

හිඟව පවතින තවත් රුධිර බහාලන බෑග් තොගයක් මැයි මාසයේ දෙවන සතිය වන විට ලැබිමට නියමිතයි.