ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්

ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවට වාරණයක්

අප්‍රේල් 9 වන දින තායිලන්තයේ පැවති ආසියානු රග්බි විධායක කමිටුවේ (EXCO) රැස්වීමක දී ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට ඒකමතික ව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අප්‍රේල් මස 20 සිට 24 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ආසියානු රග්බි නියෝජිතයාගේ තත්ත්ව වාර්තාව විධායක කමිටුව විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට ආසියානු රග්බි විධාක කමිටුව තීරණය කර ඇත්තේ සමානාත්මතාවය, විනිවිදභාවය සහ වගවීම යන ආසියා රග්බි මූලධර්ම පවත්වා ගෙන යාමට මෙරට රග්බි අධිකාරිය සමත් වී නොමැති බවට තීරණය කරමින්.

මේ අනුව සියලුම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් සහ සමාජ ශාලා තවදුරටත් කිසිදු කලාපීය ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට සුදුසුකම් නොලබයි.

ආසියානු රග්බි සංගමය මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ වෙත නිල ලිපියක් ද යවා ඇති බවයි වාර්තා වෙන්නේ