“මයිනාගෝගමේ” සපෝර්ට් එකට “ගෝඨාගෝගම” එක්වෙයි

මයිනාගෝගමේ සහයට ගෝඨාගෝගමේ විශාල පිරිසක් අරලියගහ මන්දිරය අසල විරෝධතාවයක් පවත්වනවා.
ඒ හේතුවෙන් ගාලුපාර – කොල්ලුපිටිය හන්දියේ සිට ගාලුමුවදොර දක්වා මාර්ග මුළුමනින්ම අවහිර වී තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් විසින් ඉදිකර තිබූ අට්ටාලයක් අද (01) අලුයම පොලීසිය විසින් ඉවත් කළ අතර ඉන් අනතුරුව ඔවුන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.




