කොළඹ ගුවන් ගමන් සීමා කරයි ?

රටේ පවතින ඩොලර් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක වන ගුවන් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 150කට අධික මුදලක් ගෙවිය යුතු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ගුවන් සමාගම් කොළඹින් තම ගුවන් ගමන් සීමා කිරීමට හෝ ඉවත් කර ගැනීමට සිදු වන බව දිනපතා පල වෙන පුවත් පතක් වාර්තා කර තිබෙනවා.
“පසුගිය මාස 3-6 තුළ භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ගමන් සඳහා ගෙවීම් හිරවී ඇති බව ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට විදේශ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු හරහා විදේශ මුදල් ප්‍රේෂණ සිදු කිරීමට නොහැකි වීමේ ප්‍රතිවිපාක මේවාය. ” එම පුවත් පත වැඩිදුරටත් සඳහන් කළේය.

