සුදත්ත පොලීසියෙන් ගේම ඉල්ලයි

ප්‍රවීණ රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත්ත තිලක්සිරි මහතා මයිනාගෝගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පදික වේදිකාවේ තම වාහනය නවතා තැබීම පිළිබඳව, පොලිස් නිලධාරි මහතෙකු ප්‍රශ්න කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් මත ගැටුමක් ඇතිවී තිබුණා.
දින කිහිපයක් පුරාවට අණ්ඩුවට එරෙහිව සිදුවන මහජන විරෝධතාව මැඩලීමේ අරමුණ ඇතිව අරලියගහ මන්දිරිය ඉදිරිපිට පවත්වන මයිනාගෝගම විරෝධතා භූමිය ආසන්නයේ තිබෙන පදික වේදිකා අවහිරකරමින් පොලීසිය පොලිස් රථ හා බස් රථ නවතා තිබෙනවා, එයට විරෝධය දක්වමින් මෙම සිදුවීම සිදුකළ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සිටින පොලීසියට නීති කඩකිරීමෙන් සාමාන්‍ය ජනතාව ද එම නීති නොසලකා හරින බව පෙන්වාදීම සඳහා මෙම සිදුවීම පොලීසියට කළ අභියෝගයක් වනු නිසැකයි.

