ගෝල්ෆේස් අරගලයට දින 25යි

ගෝල්ෆේස් අරගලයට දින 25යි

ගාලු මුවදොර ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේත් විශාල පිරිසක් එහි රැස්ව සිටියා.

සර්ව ආගමික නායකයින්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ද ඒ සඳහා එක්ව සිටින බව සදහන්.

ඊයේත් අරගලභූමිය විවිධ වැඩසටහන්වලින් අලංකාරවත් වී තිබුණි.

මේ අතර දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරිය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ඊයේ රාත්‍රියේත් ක්‍රියාත්මක වුණි