තායිලන්තයෙන් ලංකාවට ගෑස්

තායිලන්තයෙන් ලංකාවට ගෑස්

තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා LP ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම සමාගම මඟින් මෙරට වාර්ෂික ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සැපයීමට නියමිතය.

වාර්තා සඳහන් කරන්නේ, එම සමාගමෙන් මිල දී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල වර්තමානයේ ගෑස් මිල දී ගන්නා ඕමාන සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 1කට වඩා අමෙරිකානු ඩොලර් 9කින් අඩු බවය.