පාර්ලිමේන්තුව අසල අන්තරේ අරගලය අඛණ්ඩව

පාර්ලිමේන්තුව අසල අන්තරේ අරගලය අඛණ්ඩව

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව පාර්ලිමේන්තුව අසල අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විටත් ඔවුන් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වන අතර සාමාන්‍ය ජනතාව විශාල පිරිසක්ද සහයෝගය දැක්වීමට එම ස්ථානයට රැස්ව සිටිනවා.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී එම මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙමින් තිබූ අතර ඒවායේ ගමන් ගත් පිරිස ද දැඩි අපහසුතාවයට පත් වූහ.