ලංකාවේ දැවැන්තම හර්තාලය හෙට

හෙට (06 ) දින පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාල් ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසකට අධික සංඛ්‍යාවක් සහාය පළ කිරීමට සුදානම්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන, බැංකු මෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ නිරත පිරිස් ද එක්වන බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි කටයුතු කිරීම සහ සියලුම හදිසි ප්‍රතිකාර සිදු කරන බවටයි වාර්තා වන්නේ.
මෙම හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් අද (05 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 සිට පැය 24ක් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී.විතානගේ පවසනවා.
එමෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ හෙට (6 වැනිදා) වර්ජනයට සහයෝගය දක්වන බවයි.

