කථානායක ධූරය තවත් කෝලමක් වෙයි – සියඹලාපිටිය යළිත් ඉවත්වෙයි

කථානායක ධූරය තවත් කෝලමක් වෙයි – සියඹලාපිටිය යළිත් ඉවත්වෙයි

ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක්
හිමිවුණා. මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක්
යොමුකර තිබුණා. කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගනු ලැබුවේ මීට දින 4කට පෙරයි.