ගෝඨාගෝගමට එරෙහිව කිසිම ප්‍රකාශයක් කරලා නෑ – ගලදාරි හෝටලය

ගෝඨාගෝගමට එරෙහිව කිසිම ප්‍රකාශයක් කරලා නෑ  – ගලදාරි හෝටලය

කොළඹ පැවැත්වෙන විරෝධතාවට එරෙහිව කරුණු ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළත් අනෙකුත් මාධ්‍ය තුළත් පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව ගලදාරී හෝටල් කළමණාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් හෝටලයට යම් බාධාවක් ඇතිව තිබේදැයි යන්න පිළිබඳව පොලීසිය විමසා සිටි අවස්ථාවේදි හෝටලය විසින්ප්‍රකාශ කළේ පසුගිය 29 දා හෝටලය ඉදිරිපිට මාර්ගය වසා දැමීම හා පොලිස්මාර්ග බාධක යෙදීම හේතුවෙන් අපහසුතාවක් ඇතිවූ බව යැයි එම නිවේදනයේ සඳහන්වෙයි.

ගෝඨාගෝගම ඉවත් කරන ලෙස හෝ එය විවේචනය කරමින් කිසිම අවස්ථාවක හෝටලය විසින් ප්‍රකාශ කර නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.

1984 වසරේදීහෝටලය ස්ථාපතිකිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාව මහ ජනතාව වෙනුවෙන් සිටගත් බවත් ඉදිරියේද කිසිම කොන්දේසියකින්තොරව ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව ඔවුන් පවසා සිටියා.