ජල ප්‍රහාරක රථ ගෙන්නපු කතාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්

ජල ප්‍රහාරක රථ ගෙන්නපු කතාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්

විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින්භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක්
(water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා.

අද මේ සම්බන්ධව ට්විටර් සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ මේ පල වූ වාර්තාව අසත්‍යක් බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරපු සම්පුර්ණ නිවේදනය පහතින්,

ඉන්දීය රජය විසින් දීර්ඝ කරන ලද ණය මාර්ගයක් යටතේ ශ්‍රී ලංකා රජය විසින් අධි පීඩන ජල ප්‍රහාරක රථ ආනයනය කරන ලද බවට වාර්තා අපි දුටුවෙමු.

මෙම වාර්තා සම්පුර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති කිසිදු ණය මාර්ගයක් යටතේ කිසිදු ජල ප්‍රහාරක රථ ඉන්දියාව විසින් සපයා නොමැති බවත් වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 1 ක ණය මාර්ගයක් ලබා දීමට අදහස් කර තිබෙනවා.

මෙවැනි සාවද්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝගවලට මුහුණ දීම සඳහා ගනු ලබන ප්‍රයත්නයන්ට කිසිදු සාධනීය දායකත්වයක් ලබා නොදෙන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්