අලි සබ්රිත් යන්න තීරණය කරයි

මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අද (09) පස්වරුවේ දීයි.
අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.
රට තුළ මේ වනවිට පැන නැගී ඇති කලහකාරී තත්ත්වය තුළ මේ වනවිට අමාත්‍යවරුන් තිදෙනකු සිය ඉල්ලා අස්වීමේ නිවේදන ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වනවිට ඉල්ලා අස්වූ ඇමතිවරුන් ලෙස විදුර වික්‍රමනායක සහ චන්න ජයසුමන ද ඇතුළත් වනවා.

