ගහන්න අරන් ආපු වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ඊයේ (09) දිනයේ අරගලකරුවන්ට පහරදීම සඳහා යොමු කළ බවට පැතිර යන ප්‍රචාරය සම්පූරණයෙන්ම අසත්‍ය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුදෙනිය පවසනවා.
ඒ අනුව ජනතාව අතරට මැඳි වූ බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ලවී ඇති බවත් ඒ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති බවයි ඔහු සඳහන් කළේ.
වටරැක බන්ධනාගාරයේ රැඳවියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩහටහනක් ලෙස ඔවුන් කොළඹ පිහිටි ඉදිකිරීම් වැඩබිම්වල වැඩ සඳහා රැගෙන යන බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට යම් මුදලක්ද ලබාදෙන බවයි තුෂාර උපුදෙනිය සඳහන් කළේ.
රැඳවියන් 181 දෙනෙකු ඉදිකිරීම් වැඩබිම්වලට යොදවා තිබූ අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන්වී ඇති බවත් ඔවුන්ට කිසිඳු හානියක් නොකර ළඟම ඇති පොලීසියට භාරදෙන ලෙසයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුදෙනිය වැඩිදුරටත් සඳහන් කළේ.


