ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා ගැන වහාම විමර්ශනයක් අරඹන්න

ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා ගැන වහාම විමර්ශනයක් අරඹන්න

සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩ සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් නීතිපතිවරයා දැනුම්දෙයි.

ඒ අනුව මීට අදාළ පරීක්ෂණ ප්‍රමුඛතාවය ලබා දී වහාම සිදුකරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS