රත්ගම වෙඩි තැබීමක් – පස් දෙනෙකුට තුවාල

රත්ගම ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
රත්ගම ප්රාදේශීය සභා සභාපති ටී. නිමල් මහතාගේ නිවස ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදව ඇති බව වාර්තා වෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ප්රතිකාර සඳහා රත්ගම ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල සහ පූනංගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුව රත්ගම ප්රාදේශීය සභා සභාපති ටී. නිමල් මහතාගේ නිවසට ගිනි තබා ඇති බව ද වාර්තා විය.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

