හමුදා පාලනයකට මඟ පාදන්න එපා – හිටපු ජනපතිනියගෙන් ඉල්ලීමක්

හමුදා පාලනයකට මඟ පාදන්න එපා – හිටපු ජනපතිනියගෙන් ඉල්ලීමක්

යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමී ව අපූරු අරගලයක් ගෙන යාම පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම අදහස් දක්වා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

හිටපු ජනාධිපතිනිය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නො කරන ලෙස යි.

ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙන් හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.