අද සවස රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (12) සවස දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
එක්සත් ජාතික පක්ෂ නායකයා ඊයේ (11) සවස් කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගැඹුරු කතාබහක නිරත වී තිබෙනවා.
මෙම සාකච්ඡාව අතරතුර දී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ඉල්ලා තිබෙනවා.
මේ වනවිට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නව රජයක් පිහිටවීම සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට තහවුරු කර ඇති බවයි.
රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද සවස ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ඇති බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙවර අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙන්නේ, 7 වැනි වතාවටයි.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 25 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසටයි.

