ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය ජොන්ස්ටන්ට

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය ජොන්ස්ටන්ට

මැයි මස නවවැනි දින දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව හිටපු ඇමැතිවරයාට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහනවයකට හානි සිදුව ඇති බව සඳහන්.

ඔහුගේ කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කර තිබෙනවා.

මීට අමතරව බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවසට පහර දීමක් සිදුකර ඇති බව සඳහන්.

කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලය, මල්කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර ඇති අතර ලග්ගල පිහිටි ගොවිපොළේද සතුන් එලවා දමා ගිනි තබා තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී ඇත.

ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී තිබෙනවා.

හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැති බවද වාර්තා වෙනවා.