රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න යළි සල්ලි අච්චු ගහන්න වෙනවා

රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න යළි සල්ලි අච්චු ගහන්න වෙනවා

මුදල් මුද්‍රණය කිරීම තම ප්‍රතිපත්තිය නොවූව ද, ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එසේ නොවුණහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇති බවය.

බී.බී.සී. සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

බී.බී.සී. සේවයේ මාධ්‍යවේදිනියක් සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවට එක් වූ අතර එහිදී ඔහු කියා සිටියේ, ජනතාවට තුන්වේලක් ආහාර ලබා දීමට තමා පියවර ගන්නා බවයි.

https://bbc.in/37JsvPk