ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විරෝධතාවයක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විරෝධතාවයක්

වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.

වත්මන් ජනාධිපති වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.

ඒ අනුව අද (15) දිනයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකළ උද්ඝෝෂණයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වුණා.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ජනාධිපතිවරයාට වහා ඉවත්වන්නැයි බල කරන ගමන් පසුගිය 9 වෙනිදා ගෝල්ෆේස් එකට එල්ලවූ මැර ප්‍රහාරයට නීතිය ක්‍රියත්මක කරන ලෙස ඉල්ලමින්, ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූ බවයි වාර්තා වෙන්නේ.