අන්තරේට පාරවල් කිහිපයක් වහයි – අධිකරණයෙන් දුන්න නියෝගය

අන්තරේට පාරවල් කිහිපයක් වහයි – අධිකරණයෙන් දුන්න නියෝගය

අන්තර් විශ්වවිද්‍යා ල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව පොලිස්
වසමේ ම ර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වා ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ
නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුව පොලිස් වසමේ එන් එස් ඒ වටරවුමේ සිට චෛත්‍ය පාර, එන් එස් ඒ වටරවුමේ සිට
ජනාධිපති මාවත, සෙරමික් හං දියේ සිට යෝර්ක් වීදිය මං සන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑ න්ඩ්
ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත, හාලේ ඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත,
රෝහල්වීදිය යන මාර්ගවලට ගමන්කිරීම, එකී මාර්ගවලට ඇතුළුවීම අද (19) නොකළ යුතු බව අදාළ අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.

මේ අතර අන්තරේ විරෝධතාව නිසා කොළඹ ලිප්ටන් වටරවුම අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.