පාන් මිල යළිත් ඉහළට

ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ.

