පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කරයි

පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), දැනට පවතින 13.5% සහ 14.5% යන අගයන්හි නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනිදින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.