මෝටර් රථයක් මතට විශාල ගසක් කඩා වැටෙයි

මෝටර් රථයක් මතට විශාල ගසක් කඩා වැටෙයි

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියා
ගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.

අනතුර වන අවස්ථාවේදී එහි රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැහැ

ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ගසේ අතු කපා මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා

මේ හේතුවෙන් කිලෝ මීටර්යකට ආසන්න දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබු බවට වාර්තා වෙනවා.