සෙනසුරාදායින් පස්සේ පෙට්‍රල් එන්නේ – අද සහ හෙට පෝලිම් වල ඉන්න එපා

සෙනසුරාදායින් පස්සේ පෙට්‍රල් එන්නේ – අද සහ හෙට පෝලිම් වල ඉන්න එපා

අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරමින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ඉන්ධනහල් කිහිපයක් වෙන් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම ඉන්ධනහල් නම්කර නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වනවිට රට තුළ බරපතළ ඉන්ධන අර්බුදයක් හටගෙන තිබීම නිසා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මෙම ඉන්ධනහල් ප්‍රමාණය ඒ වෙනුවෙන් වෙන්කර ඇත.

මේ අතර පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු ලබන සෙනසුරාදා සිට ආරම්භ වූ පසු ඊට අවශ්‍ය ප්‍රවාහන සේවා සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා කියා සිටියේ, අද සහ හෙට පෙට්‍රල් ප්‍රවාහනය සිදු නො වන බැවින් පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීමෙන් ඵලක් නොමැති බවයි.