නව ඇමති මණ්ඩලයට පඩි නෑ – රනිල් වික්‍රමසිංහ

අද දිවුරුම් දෙනු ලැබූ නව ඇමති මණ්ඩලය කිසිදු වැටුපක් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම ඇමතිවරුන්ට ඇති වරප්‍රසාද අඩු කිරීමට ද සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ.
සර්ව පාක්ෂික රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වැටුප් නොගෙවන බවයි.
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ද කපා හරින බව ඔහු සඳහන් කර තිබුණා.
මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් අඩකින් අඩු කිරීමට සහ වෙනත් ආයතනවලින් ලබාගෙන තිබූ වාහන 16ක් ද යළි භාරදීමටයි අගමැති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබුණේ.


