කල්වේලා ඇතිව හෙට සිසුන් විභාග ශාලා වෙත එවන්න, දෙමාපියන්ට දැනුම් දීමක්

හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
පැය දෙකකට කලින් හෝ විභාග ශාලාවට පැමිණිය හැකි නම් එය වැදගත් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ.
කෙසේ නමුත් යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකිවුවහොත් ඊට සහනයක් ලබාදීම සඳහා අදාළ විභාග ශාලා අධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.
එම මාධ්‍ය හමුවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පවත්වාගැනීම සඳහා බාධාකිරීමකින් තොරව අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.
මේ අතර හෙට දිනයේ දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට බන්ධනාගාරගත රැඳවියන් 15 දෙනෙකු ද එක්ව සිටිනවා.
ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් එක් රැඳවියෙකුත් , නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇති එල්.ටී.ටී.ඊ විශේෂ රැඳවියන් සිව්දෙනෙකුත්, වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ රැඳවියන් 10ක් ද එක්වීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

