ලෝක ආහාර සංවිධානයෙන් රනිල්ට සහතිකයක්

ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහතික වී ඇති බවට වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය දැනුම් දී ඇත්තේ ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා උපකාර කිරීමට කටයුතු කරන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ රටේ ජනතාවට තුන්වේල කන්නට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා තමා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

